කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

මැයි 21, 2022
    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 10.00 සිට හෙට(22) පෙරවරු 8.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. 
    ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
     
    මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ජලය බෙදාහැරීම් පද්ධතියේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය පවසයි.
     
    මීට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයනු ඇත. 

    Latest News