ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල ඉන්න එපා - බලශක්ති ඇමති

මැයි 16, 2022

    ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    තවද අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරනවා.

    තවද ඊයේ දිනයේදී ඩීසල් තොග රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර ඉන්දීය ණය පහසුකම යටතේ තවත් නෞකා 03 ක් ඉදිරි සති 02 තුළදී දිවයිනට පැමිණීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

    ඒ අනුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීම් 1190 ක් සිදුකිරීමට පවතින බැවින් ඒවා අවසන් වන තුරු ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

    Kanchana.jpg

     

     

    Latest News