අර්බුදය මධ්‍යයේ වුවද BOI කර්මාන්ත ශාලා අඛණ්ඩව වැඩ

මැයි 11, 2022

    උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලා සිය නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා රේගුව, වරාය හා අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ වෙමින් කම්හල්වල නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවරයන් මේ වන විට ගෙන ඇතැයි ආයෝජන මණ්ඩලය අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවැසූවාය.

    ආයෝජන කලාපයන්හි සහ බැහැරව පවතින ආයතන සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය සේවකයන්, අමුද්‍රව්‍ය, භාණ්ඩ ප්‍රවාහනය සහ සැපයුම් සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොලිසිය හා ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලා සිටියි.

    පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ නිෂ්පාදනය හා අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමටත්, සේවයේ නියුතු ලක්ෂ හයකට අධික සෘජු හා වක්‍ර රැකියා සුරක්ෂිතභාවය ප්‍රමුඛ කාර්යයක් සේ සලකන බවත් ආයෝජන මණ්ඩලය පවසයි.

    ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ කර්මාන්ත ශාලා 1700කට වැඩි සංඛ්‍යාවක් පවතින බවද එම මණ්ඩලය පවසයි.

    Latest News