රටපුරා ඊයේ දිනයේ සිදුවූ කළහකාරී සිදුවීම් අතර තුර දේශපාලනඥයින්ගේ නිවාස රැසකට ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ පොළොන්නරුව ගිරිතලේ පිහිටි නිවසට හා කාර්යාලයට දැඩි අලාභහානි සිදුකර තිබේ. ගිනි තැබීමෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ විය.

මත්ද්‍රව්‍යවලට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් සිටින බවත්, බන්ධනාගාරය තුල ඉඳලා ජාවාරම් කරන අයට බන්ධනාගාරය තුලම අද ඉඩකඩ ලැබී තිබෙන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය වගේම විනිසුරුවරුන්ගේ අවශ්‍යතා පිළිබඳවත් අපි සොයා බැලිය යුතු බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

Latest News