රඹුක්කන සිද්ධිය ගැන මහේස්ත්‍රාත්ගේ නියෝගයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර

අප්‍රේ 28, 2022

    රඹුක්කන සිද්ධියට සම්බන්ධ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා.

    ඒ, පසුගිය 19 වනදා රඹුක්කන පැවති විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා කඳුලු ගෑස් සහ ජීව උණ්ඩ භාවිත කර වෙඩි තැබීමට අණ දුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන්වයි.

    එම නියෝගයට අනුව ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

    මෙම වෙඩි තැබීම හේතුවෙන් 42 හැවිරිදි දෙදරු පියෙකු මියගිය අතර පොලිසියේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුලු 27 දෙනෙකු තුවාල ලැබුවා.

    ඔවුන් අතරින් තවත් 8 දෙනෙකු රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවනවා.

    Latest News