පාර්ලිමේන්තු සංකීර්ණයට අවුරුදු 40ක් සපිරෙයි

අප්‍රේ 28, 2022

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන ගොඩනැගිල්ල එහි ස්ථාපිත කොට හෙට දිනට (29) වසර 40 ක් සපිරෙයි.



    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු විය.

    මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා විය. ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ විය.

    Latest News