රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය ගැන අධිකරණයේදී අනාවරණයක්

අප්‍රේ 23, 2022

    රඹුක්කන ප්‍රදේශයේ දී, පසුගිය 19 වැනිදා සිදුවූ ගැටුමේ දී ඒ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවිත හා පොදු දේපල ආරක්ෂා කිරීම සදහා සත්භාවයෙන් යුතුව දණහිසෙන් පහළට වෙඩි තබන ලෙස නියෝග කළ බව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

    ඒ වෙඩි වැදීමෙන් මියගිය අය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය 3 වැනි දිනටත් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ ඊයේ පැවැත්වුණු අවස්ථාවේ.

    අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 35 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා සහ පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පෙනී සිටියේය. 

    මහේස්ත්‍රාත්වරිය අදාළ ගැටුම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් පැමිණ ඇද්දැයි විමසූ අවස්ථාවේ දී මියගිය අයගේ පාර්ශවයෙන් කිසිවෙකු අධිකරණයේ පෙනී සිටියේ නැහැ. 

    අනතුරුව ගැටුම ඇති වූ අවස්ථාවේ සේවය කළ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා කෑගල්ල අවි ගබඩාව බාරව සිටි නිලධාරියා ඇතුළු 5 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනිණ.  

    Latest News