රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

රඹුක්කන සිද්ධියට සම්බන්ධ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා.

පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ අය සහ වෙඩි තැබු අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න්න මහත්මිය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

රඹුක්කන ප්‍රදේශයේ දී, පසුගිය 19 වැනිදා සිදුවූ ගැටුමේ දී ඒ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවිත හා පොදු දේපල ආරක්ෂා කිරීම සදහා සත්භාවයෙන් යුතුව දණහිසෙන් පහළට වෙඩි තබන ලෙස නියෝග කළ බව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

Latest News