කාලගුණයෙන් ප්‍රභල අකුණු ගැන නිවේදනයක්

අප්‍රේ 28, 2022

    ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

    ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකිය.

    එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි හා සෙසු ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Latest News