කැප්පෙටිපොළ ආර්ථිකයේ වෙළදාම් කටයුතු යථාතත්වයට

අප්‍රේ 24, 2022

    කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාම් කටයුතු යථාතත්වයට පත්ව ඇති බව එහි වෙළෙද සංගමයේ ලේකම් මහින්ද ප්‍රේමසිරි මහතා පවසයි.

    පසුගිය දිනවල පිට පළාත් වෙළෙඳුන්ගේ පැමිණීම අඩුවක් දක්නට ලැබුනු බවයි, ඔහු සදහන් කරන්නේ.

    මේ දිනවල පිට පළාත් වෙළෙදුන්ගේ පැමිණීම ද ඉහළ ගොස් තිබේ. විශාල ලෙස එළවළු අස්වනු තොග කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙමින් පවතියි. වෙළෙදුන් මෙන්ම ගොවීන්ගේ පැමිණීම ද වර්ධනයක් ඇති බවයි, ප්‍රේමසිරි මහතා පවසන්නේ.

    ගෝවා කිලෝවක තොග මිල සදහන් වන්නේ රුපියල් 30-40ත් අතරයි. ලීක්ස් කිලෝවක් රුපියල් 60-70 අතර පවතින අතර නෝකෝල් කිලෝවක තොග මිල වන්නේ රුපියල් 70-80 අතරයි.

    තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 80-90 අතර වෙයි. කැරට් කිලෝවක් රුපියල් 80-110 අතර පවතියි. බටු කිලෝවක් රුපියල් 160 - 170 අතර ද අර්තාපල් රුපියල් 180-200 අතර ද මාළු මිරිස් කිලෝවක් රුපියල් 300-320 අතර තොගය මිලක් යටතේ පවතියි.

    Latest News