ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ නිවේදනයක්

අප්‍රේ 24, 2022

    පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමේ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට අනෙකුත් පාර්ශව සමග එක්ව සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන IMF වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් බවයි.

    අප්‍රේල් 18 සහ 22 යන කාලය තුල අමෙරිකාවේ වොෂින්ටන්හිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග පැවති සාකච්ජා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසයිරෝ නොසාකි විසින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, යථාතත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

    එමෙන්ම, වත්මන් ආර්ථික අර්බුදයේදී දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    IMF

    Last modified on ඉරිදා, 24 අප්‍රේල් 2022 09:33

    Latest News