විධායක ජනපති ධූරය අහෝසි කරන යෝජනාවක්

අප්‍රේ 21, 2022

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත භාරදී තිබේ.

    ඒ අනුව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් අදාළ යෝජනාවලිය කතානායකවරයා වෙත භාරදුන් බවයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විත බවයි වාර්තා වන්නේ.

    Latest News