රථවාහන දඩමුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීමට අප්‍රේල් 23 තෙක් සහන කාලයක්...

අප්‍රේ 20, 2022

    රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර එහෙත් 2022.04.11 සහ 12 දෙදින රජයෙ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා 2022.04.23 දක්වා සහන කාලයක් ලබාදීටම තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා ඇත.

    ඒ අනුව, දඩමුදල දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩමුදල් ගෙවීමට 2022.04.23 දක්වා සහන කාලයක් ලබාදී තිබේ. ඒ අනුව, 2022.03.29 දින සිට 2022.04.10 දක්වා (එම දින දෙකද ඇතුලත්ව) නිකුත් කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව 2022.04.23 දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකි බව තැපැල්පතිවරයා අවධාරණය කර ඇත.

    Latest News