රඹුක්කන සිදුවීමේ පොලීසිය ක්‍රියාකළ ආකාරය සෙවීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක්

අප්‍රේ 20, 2022

    රඹුක්කන සිද්ධියේ දී කළහකාරීන් විසුරුවා හැරීමට පොලීසිය සිදුකරන ලද බලය පාවිච්චි කිරීම නිත්‍යානුකූලව සිදුවී තිබේද, යන්න අනාවරණය කර ගැනීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව අමාත්‍යාංශය විසින් පොලිස්පතිතුමා වෙත දැනුම් දී ඇත.

    ඒ අනූව එහි සමාජිකයින් ලෙස,‍

    1. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් - එස්.ටී.කොඩිකාර
    2. මහජන ‍ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - එම්.එස්.පී සූරියප්පෙරුම
    3. ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක - මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඊ.එස්.ජයසිංහ යන අය පත්කර තිබේ.

    Latest News