icc

රථ වාහන දඩයට තැපෑලෙන් ලැබෙන සහන කාලය

අප්‍රේ 09, 2020

    රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සහ අතිරේක දඩ මුදල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

    පොලිසිය විසින් මාර්තු මස 01 වැනි දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා සඳහා මෙය අදාළ වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    එම දඩ පත්‍රිකා දින 14 ක් ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක මුදලක් අය නොකර ගෙවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

    තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසු මෙම සහන කාලය ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවේ ද එකඟතාවය මත තීරණය කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 17:02

    Latest News