රඹුක්කන සිදුවීම ගැන ජනපති සිය කණගාටුව ප්‍රකාශ කරයි

අප්‍රේ 20, 2022

    රඹුක්කන ඇතිවූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයේන තමා දැඩි කනස්සල්ලට හා සංවේගයට පත්වන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිතුමා පවසන්නේ, ශ්‍රී ලංකා පුරවැසියන්ට සාමකාමීව විරෝධතා පැවැත්වීමට අයිතිය ඇති බවයි. එවැනි විරෝධතා පැවැත්වීමේදී හිංසාකාරී ක්‍රියාවලට යොමුවීමෙන් වළකින ලෙස ජනාධිපතිතුමා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය අපක්‍ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු පරීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි, ජනාධිපතිතුමා සිය ව්විටර් පණිවුඩය මගින් සඳහන් කර තිබෙනවා.

    Latest News