රඹුක්කන සිද්ධිය ගැන පොලිස්පතිගෙන් නිවේදනයක්

අප්‍රේ 20, 2022

    රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සමඟ බවුසරයකට ගිනි තැබීමට පිරිසක් උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වළක්වා ගැනීමට පොලිසියට අවම බලය යෙදවීමට සිදුවුණු බව පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

    රඹුක්කන ප්‍රදේශයේ ඊයේ සවස ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මේ අතර, රඹුක්කන විරෝධතාවය මැඩ පැවැත්වීමේදී පොලිසිය පමණ ඉක්මවා බලය අයුතු ලෙස යොදා ගත්තාද යන්න ගැන විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් සඳහන් කර සිටියේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කරන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ උදෑසන රඹුක්කන ප්‍රදේශයේදී ඇතිවූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග විරෝධතාකරුවන් විසින් පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බවයි.

    විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් සිවිල් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුලත් කෙරිණ. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ද රෝහල් ගත කෙරිණ.  

    Last modified on බදාදා, 20 අප්‍රේල් 2022 08:24

    Latest News