රඹුක්කන සිද්ධියේ විමර්ශන CIDයට...

අප්‍රේ 21, 2022

    පසුගියදා රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ සිදුවීම පිළිබඳව විමර්ශන, පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙනවා.

    අයුතු ජනරාශියක් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීන් කටයුතු කිරීම සහ එහිදී එක් අයෙකු මියගොස් තවත් පිරිසකට තුවාල සිදුවුණා. එම සිදුවීමේදී අගතියට පත් පාර්ශ්වයන්ට සහ සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලට සහ අධිකරණ කටයුතුවලට සහභාගිවීම සඳහා කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News