පසුගියදා රඹුක්කන ප්‍රදේශයේදී ඇති වූ සිදුවීම පිළිබඳව විමර්ශන, පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙනවා.

පසුගිය 19 වන දින රඔුක්කන දී පුද්ගලයකු මරණයට පත්වීම සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කිරීමට නියම කර ඇත.

රඹුක්කන සිද්ධියේ දී කළහකාරීන් විසුරුවා හැරීමට පොලීසිය සිදුකරන ලද බලය පාවිච්චි කිරීම නිත්‍යානුකූලව සිදුවී තිබේද, යන්න අනාවරණය කර ගැනීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ.

රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සමඟ බවුසරයකට ගිනි තැබීමට පිරිසක් උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වළක්වා ගැනීමට පොලිසියට අවම බලය යෙදවීමට සිදුවුණු බව පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

Latest News