මත්ද්‍රව්‍ය වැටලීමට අධිතාක්ෂණ උපකරණ මාස 2ක් තුල - ජනපති

මාර් 06, 2019

    මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අවශ්‍යවන ලෝකයේ භාවිත කරන හොඳම අධි තාක්ෂණික උපකරණ භාවිතය ඉදිරි මාස 2 ඇතුළත අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ තොරතුරු දැන්ම් දීමේ හමුවට අද පෙරවරුවේ එක්වෙමින්.

    පසුගිය කාලයේ දී පොලීසිය භාරව සිටි අමාත්‍යවරුන් පොලීසිය දෙස බැලුවේ දේශපාලන කෝණයකින් බවත් එය වෙනස් කිරීමට ක්‍රියාකරන බවත් ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අයවැය විවේචනය කරන පාර්ශව පදනම් විරහිතව එය සිදුනොකර රටට සුදුසු විකල්ප අයවැය යෝජනා ගෙන එන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය. රටට සැබෑ ලෙස ආදරය කරන දේශපාලඥයන් හා නායකයන්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ මොහොතේ එකට එක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට යුනෙස්කෝ වෙත ශ්‍රීලංකාව සිදුකරන යෝජනාව ස්ථීර කිරීමට ඉන්දියාවේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද මාධ්‍ය හමුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 10:12

    Latest News