සමාජ මාධ්‍යයට වැරදි ප්‍රකාශ මුදාහල අයෙක් අත්අඩංගුවට

අප්‍රේ 07, 2022

    පොලිස් හා හමුදා නිලධාරීන්ට පහරදිය යුතු බවට හා ඔවුන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදාහරින ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් නාගොඩ, තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි අයෙක්.

    පොලීසිය පවසන්නේ, මෙම තැනැත්තා වසර 6ක පමණ කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට මානසික රෝගයකට ගොඳුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

    මීට පෙර අවස්ථා කිහිපයක දී මානසික රෝගී තත්වයන් සඳහා රෝහල් දෙකක දී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබේ. අවස්ථා කිහිපයකදීම ඔහු ප්‍රතිකාර සම්පූර්ණ නොකොට රෝහලෙන් පලා ගිය බවට ද තොරතුරු වාර්තා වෙයි.

    අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

     

    Latest News