ශ්‍රීලංකන් ගුවන් සේවය ගිම්හාන සමයේ ගුවන් මෙහෙයුම් වැඩි කරයි

අප්‍රේ 06, 2022

    ශ්‍රීලංකන් ගුවන් සමාගම 2022 වසරේ එළඹෙන කාර්යබහුල ගිම්හාන සෘතුව වෙනුවෙන් නියමිත ගුවන් ගමන් සංඛ්‍යාව සියයට 40 කින් වැඩි කිරීමට කටයුතු යොදා තිබේ.



    සංචාරක කර්මාන්තය අඛණ්ඩව ප්‍රකෘතිමත් වන අවස්ථාවක ගුවන් ගමන් සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා ගුවන් සේවය මෙලෙස ගුවන් ගමන් වැඩිකිරීමට කටයුතු යෙදො තිබේ. ගුවන් සමාගමේ ගිම්හාන ගුවන් ගමන් කාලසටහන ආරම්භ වීමත් සමඟ ශ්‍රීලංකන් මාර්ගගත ගමනාන්ත ජාලය හරහා සංඛ්‍යාත වැඩිවීම බලාත්මක වනු ඇත.

    නව කාලසටහන මගින් ගුවන් සේවය සඳහා වඩාත් කඩිනම් මෙහෙයුම් සඳහා පහසුකම් සැලසෙන අතර පාරිභෝගිකයින්ට වැඩි නම්‍යශීලී බවක්, පහසුවක් සහ සම්බන්ධතාවක් ලබා දෙනු ඇත.

    COVID-19 වසංගතය දරුණු වූ අවස්ථාවේ දී සැලකිය යුතු ලෙස අඩු කරන ලද ඉන්දියානු ගමනාන්ත නැවත යථාතත්වයට පත්වීම ශ්‍රීලංකන් මෙහෙයුම් වල වඩාත් වැදගත් වනු ඇත. වසර දෙකක් පමණ වසා දැමීමෙන් පසු වාණිජ මගී ගුවන් ගමන් සඳහා ඉන්දියාව පසුගියදා ඔවුන්ගේ ගුවන් සීමාව නැවත විවෘත කළේය.

    ශ්‍රීලංකන් ඉන්දියාවට සතිපතා ගුවන් ගමන් වාර 100 කට වඩා දෙගුණයකින් වැඩි කිරීමට නියමිතය. ඉන්දියානු උපමහාද්වීපයේ නගරවල අනෙකුත් සැලසුම්ගත සංඛ්‍යාත වැඩිකිරීම් අතරට මාලදිවයිනේ ගැන් සහ පකිස්ථානයේ ලාහෝර් වෙත අමතර සතිපතා ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

    මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපවල අබුඩාබි, රියාද්, මස්කට් සහ සීෂෙල්ස් වෙත සතිපතා ගුවන් ගමන් වාර ගණන වැඩිකිරීමට ශ්‍රීලංකන් තවදුරටත් සැලසුම් කරයි. ඉදිරි මාසවලදී ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ගමනාන්ත වෙත සංඛ්‍යාත ද ක්‍රමයෙන් වැඩි කරනු ඇත. ක්වාලාලම්පූර් වෙත දෛනික ගුවන් ගමන් දැනටමත් හඳුන්වා දී ඇති අතර, මේ වසරේ මැයි මාසය වන විට මෙල්බර්න් වෙත ද, මෙම වසරේ ජූලි මාසය වන විට බැංකොක් සහ ජකර්තා වෙත ද දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ. තවද, 2022 ජූලි මාසයේ සිට ජපානයේ Narita සඳහා අමතර සතිපතා ගුවන් ගමනක් සැලසුම් කර ඇත. නව ගමනාන්තයන් ද සැලැස්මේ කොටසක් වන අතර දකුණු කොරියාවේ සෝල් වෙත වාණිජ මගී ගුවන් ගමන් 2022 මැයි මාසයේ දී දියත් කිරීමට නියමිතය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙන අතර ගුවන් සමාගමේ ආදායමෙන්සියයට 85 කට ආසන්න ප්‍රමාණයක් විදේශ මුදලින් උපයනු ලබයි. තවද, ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කිරීමට සහ වර්ධනය කිරීමට, පෙර COVID-19 මට්ටමට සහ ඉන් ඔබ්බට උපකාර කිරීමට ගුවන් සමාගම වෙන කවරදාටත් වඩා කැපවී සිටී. මෙහෙයුම්වල වැඩිවීම ඉල්ලුම මත පදනම් වන අතර ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය හරහා කොළඹට සහ ඉන් ඔබ්බට ගමනාගමනයන් වලින් වැඩි ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ගෝලීය සංචාර නැවත වරක් වේගවත් වන බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා. ඉදිරි නව ගමනාන්ත දියත් කිරීම් සමඟින් මාර්ගගත වෙන්කරවා ගැනීමේ ජාල පුළුල් කිරීම, ගුවන් යානා ආහාර වට්ටෝරුවල වෙනසක් සිදු කිරීම සහ අපගේ නිෂ්පාදන සහ සේවාවන් වැඩිදියුණු කිරීම් හරහා අපි මෙහෙයුම් වර්ධනය කර තිබෙනවා. පැරණි මිතුරන් සමඟ අපගේ සබඳතා අලුත් කර ගැනීමටත් නව අමුත්තන් රැසකට ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරය හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    Latest News