ලොව හොඳම සංචාරක දූපත් අතරට ශ්‍රී ලංකාවත්

සැප් 16, 2023

    ලොව හොඳම සංචාරක දූපත් අතරට ශ්‍රී ලංකාවද නම්කර තිබෙනවා.

    ඒ, ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය මඟින්. මෙම වර්ගීකරණයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ලබාදී ඇති අවස්ථායි. ඔවුන් රටවල් 50 ක් නම්කර ඇති අතර ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ 13 වන ස්ථානයටයි. ශ්‍රී ලංකාව ඉදිරියෙන් බහමාස්, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාවේ, ප්‍රංශයේ, ඉක්වදෝරයේ, ග්‍රීසියේ, තායිලන්තයේ සහ පෘතුගාලය ඇතුලු රටවල් කිහිපයක් නම් කර තිබෙනවා. ඒ අනුව, සංචාරකයින්ට ඇති මිත්‍රශීලි ආගන්තුක සත්කාර, ප්‍රණීත ආහාර පාන ලැබීමට මෙන්ම සුන්දර වෙරළතීරය, පෞරාණික නටඹුන්, තේ වතු, වනජීවී උද්‍යාන නැරඹීමේ හැකියාව ද ශ්‍රී ලංකාව තුළ පවතින බවයි, අදාළ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.

    Latest News