රූපවාහිනී සංස්ථාවෙන් මාධ්‍ය ‍ක්ෂේත්‍රයට පුහුණුව ලත් මානව සම්පත්

මාර් 26, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් පවත්වන ලද ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ පළමු කණ්ඩායමට පසුගියදා සහතිකපත් පිරිනැමිණ.

    ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී. රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් අංශය හා පර්යේෂණ හා පුහුණු ඒකකය මගින් පාඨමාලාව සංවිධාන කෙරිණ.

    ප්‍රවීන නිෂ්පාදිකාවක් මෙන්ම අධ්‍යක්ෂවරියක වන එරීන් විජේ‍කෝන් මහත්මියගේ අධ්‍යක්ෂණයෙන් පාඨමාලාව පැවැත්විණ. මාධ්‍ය ක්ෂේත්‍රයට පුහුණුව ලත් මානව සම්පත් දායාද කිරීම පාඨමාලාවේ අරමුණයි. පාඨමාලා කාලය මාස 6ක්.

    පළමු අදියර සඳහා සිසුන් 100කට වැඩි පිරිසක් තෝරා ගනු ලැබීය. ඉන් කිහිපදෙනෙක් දැනට රූපවාහිනී සංස්ථාවේ සහ සෙසු මාධ්‍ය ආයතනවල නිවේදක - නිවේදිකාවන් ලෙස ක්‍රියා කිරීම විශේෂත්වයක්.
    පාඨමාලාවට සම්පත් දායකත්වය ලබා දෙන්නේ මෙරට ප්‍රවීන නිවේදක - නිවේදිකාවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්.

    සිසුන්ට සහතිකපත් ප්‍රදානය කෙරුණේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය බී.විජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    මෙම ප්‍රවෘත්ති නිවේදන හා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සහතික පත්‍ර පාඨාමාලාවේ දෙවැනි අදියර ලබන මැයි මාසයේ ආරම්භ කිරිමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 26 මාර්තු 2022 12:34

    Latest News