රුපියල් ලක්ෂ 50ට අධික ගංජා අත්අඩංගුවට

මාර් 23, 2022

    කොස්ලන්ද උස්ඇල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වටිනාකමක රුපියල් ලක්ෂ පනහකට අධික ගංජා හේනක් වටලා තිබේ.

    යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරක් අනුව කුඹුක්කන 121 වන බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබලුන් සහ කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

    එම ගංජා හෙනේ උස අඩි හතකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් දෙදහස් පන්සීයක් පමන තිබී ඇති අතර වැටලීමසිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් තිබේ. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

    අත්අඩංගුවට ගත් සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එකසිය විසිඑක්වන බල සේනා මූලස්ථානයේ යුද හමුදා නිලධාරීන් සහ කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News