ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කරන්නන් ලියාපදිංචියට අයඳුම්පත් කැඳවයි

මාර් 18, 2022

    වෙළෙඳ අමාත්‍යාංශය මෙම වර්ෂය සඳහා ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නන් ලියාපදිංචි කිරීමට අයඳුම්පත් කැඳවා තිබේ.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ, සිමෙන්ති,රෙදිපිළි,සත්ත්ව ආහාර,කර්මාන්ත සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය සහ විශේෂිත පොහොර වර්ග ආනයනයට මින් අවස්ථාව හිමිවෙයි.

    මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පසුගිය වසර තුළ ඉන්දියාවෙන් ආනයනය කර ඇති ආනයනකරුවන්ට හෝ නව ආනයනකරුවන්ට ලියාපදිංචි විය හැකි බවයි, වෙළෙඳ අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

    www.trade.gov.lk යන වෙබ් අඩවියට පිවිස ලබන 21 වැනි දින සිට 28 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මීට අයඳුම් කළ හැකියි. 

    Last modified on සිකුරාදා, 18 මාර්තු 2022 19:49

    Latest News