සඟවා තිබූ ගෑස් ජනතාවට බෙදාදෙයි

මාර් 16, 2022

    අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ ගෑස් සිලින්ඩර් හාරදහසක් පමණ පොලිස් බාරයට ගෙන තිබේ. ඒවා වැඩි මිලට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.

    මෙම ගෑස් ගබඩාව රන්න ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට අයත්වූවක්. විශාල ප්‍රමාණයේ ස්කැමර් රථ දෙකක සහ ලොරි දෙකක එම ගෑස් සිලින්ඩර ගබඩා කර තිබිණ. කිලෝග්‍රෑම් 12.5ක්, කිලෝ 5 සහ කිලෝ 2.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් ඒ අතර වෙයි.

    ගෑස් සිලින්ඩර් තොගය පාරිභෝගික කටයුතු අධිකාරියට බාරදී තිබේ. ඉන් සිලින්ඩර කිහිපයක් රන්න ප්‍රදේශයේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයට ලබාදී ඇති අතර ඉතිරිය ජනතාවට ලබාදීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළේය.

    Latest News