විශිෂ්ඨතම ගුවන් භටයින් සඳහා සම්මාන

මාර් 16, 2022
    ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුම් හා නව සොයාගැනිමි ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 වන දින කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විව් උත්සව ශාලාවේ දී පැවැත්විය.
    2021 වර්ෂයේ මුල සිට අග දක්වා කාළය තුල ගුවන් හමුදවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ   අධික්ෂණයන් යටතේ සිදුකරිමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පත්කරනු ලබන කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සම්මාන ලබන අතර නව සොයාගැනිම් හා නව නිපයුම් සිදුකරනු ලබන කාණ්ඩායම් සදහා ද මෙහිදි සම්මාන පිරිනමන ලදි.
     
    Airfoce2 900px 22 03 16

    Latest News