වෙඩි වැදුණු තවත් සේවකයෙක් මිය යයි(වීඩියෝ)

ඔක් 29, 2018
  • ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ සවස සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    තවත් අයෙක් තුවාල ලබා ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් සංස්ථාවට ඊයේ ගිය අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි, වාර්තා වන්නේ.

    අර්ජුන රණතුංග මහතා ලේඛන කිහිපයක් රැගෙන යාමට යැයි පවසමින්, අමාත්‍යාංශ භූමියට ඇතුළුවීමේ දී සේවකයින් ඊට විරෝධය පළ කළා. වෙඩි තැබීම සිදුකර ඇත්තේ, ඒ අතර තුරයි.

    හිටපු අමාත්‍යවරයා සමග 20කට අධික පිරිසක් සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කර තිබේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කෝපයට පත් සේවකයින් අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිස සංස්ථා පරිශ්‍රයේ රඳවා ගනු ලැබීය. සේවකයින් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක නිරතවූ අතර, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ආරක්ෂාවට යොදවනු ලැබීය.

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 12:55

    Latest News