පාසල් දරුවන්ට සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

මාර් 07, 2022

    පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

    එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් එම ලක්ෂණ පහවූ පසු ඔවුන් පාසල්වලට යැවීමට මවුපියන් වගබලා ගත යුතු බවද ඔහු සඳහන් කරයි.

    විශේෂයෙන් වයස 12ට අඩු දරුවන් කොවිඩ් එන්නත්කරණයට ලක්ව නොසිටින හෙයින් මවුපියන්, ගුරුවරුන්, පාසල් බස් රථ රියදුරන් ,සහායකයන් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටීම වැදගත් බව ද ඔහු සඳහන් කරයි.

    පාසල් තුළදී දරුවන් ඒකරාශීවීම වැළැක්වීමටද ගුරුවරුන් පියවර ගතයුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    Latest News