තෙවැනි පාසල් වාරය අවසන්.. නව වසරේ ආරම්භය ජන.11 වැනිදා

දෙසැ 24, 2020

    2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 11 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍වසයි. ඒ අනූව 1 වසරේ සිට 5 වසර දක්වා ශ්‍රේණි ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් විවෘත කිරීමට නියමිතයි.

    එභෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ,ගම්පහ,කළුතර දිස්ති‍්‍රක්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බලප‍්‍රදේශවල පිහිටි පාසල් එදිනට විවෘත නොකරන බවයි අමාත්‍යංශය සදහන් කළේ.

    මේ වසරේ තුන් වන පාසල් වාරය ඊයෙන් (23) අවසන් විය. සියලු සිසුන් මීලඟ පන්තියට උසස් කළ යුතු අතර ලබන වසරේ නව පාසල් වාරයේදී සිසුන් උසස් කළ පන්තියේ ඉගෙනුම ලැබිය යුතු බවයි අමාත්‍යංශය පවසන්නේ. ඊට අදාල පෙළපොත් මේ වසර අවසානයේ දී සිසුන් වෙත ලබාදිය යුතු වෙයි.

    අමාත්‍යාංශය සියලු පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්, පලාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත ඒ බව දැනුම්දී තිබේ. යම් පාසලක 2020 වර්ෂයට අදාල විෂය නිර්දේශ ආවරණයවී නොමැති නම් ලබන වසරේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක තුළ ඒ සදහා වැඩපිළිවෙලක් යොදා ගත යුතු බවයි අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

    මේ අතර පාසල් පවත්වාගෙන යාමේ දී අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග පිලිබඳ අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය ශි‍්‍රයාණි චන්ද්‍රසිරි මහත්මිය පෙන්වා දෙයි.

    Latest News