සිසුන් සීමා සහිතව පාසල් අද ඇරඹේ

මාර් 07, 2022

    2021 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු අද (07) පාසල් යළි ආරම්භ කෙරේ.පාසල් වෙත සිසු සිසුවියන් කැඳවිය යුත්තේ සීමා සහිතව බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    නව පාසල් වාරය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පාසලට නොකැඳවන කණ්ඩායම්වලට විකල්ප ඉගෙනුම් ක්‍රමවේද භාවිත කරමින් අදාල විෂය කොටස් ආවරණය කළයුතු බව, අධ්‍යාපන අමාතයාංශය දැනුම් දෙයි.

    පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 දක්වා වන පන්ති සෑම දිනකම පැවැත්විය හැකියි. 21 සිට 40 දක්වා සිසුන් සංඛ්‍යාවක් සිටින පන්ති කණ්ඩායම් 02කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්වීමටයි, පියවර ගෙන තිබේ.

    සිසුන් 40ට වැඩි පන්ති සමාන කොටස් 03කට වෙන්කර පැවැත්විය හැකියි.

    අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියි.

    මේ අතර උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු සිදුකෙරෙන පාසල් 7ක් ද අද දිනයේ අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ නොකරන බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    46876bd673cab95aba537c1f9a954429

    Last modified on සදුදා, 07 මාර්තු 2022 08:05

    Latest News