‍පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත වාර්තාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 11 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍වසයි. ඒ අනූව 1 වසරේ සිට 5 වසර දක්වා ශ්‍රේණි ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් විවෘත කිරීමට නියමිතයි.

පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට සැලසුම් කෙරේ.

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජය ගැනීමේ පියවරක් ලෙසින් සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනය ලෙස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා යෝජනා කර තිබේ.

ලග්ගල, කිව්ලේවාඩිය ප්‍රාථමික විදුහලට, නාරංගමුව ප්‍රාථමික විදුහලට හා  රණමුරේ  මහා විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ජාතික රූපවාහිනී "සිහිනයකි රෑ" වැඩසටහන නිෂ්පාදකවරයා සහ  ප්‍රේක්ෂක ප්‍රජාව එක්ව  සිදු  කෙරිණ.

උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට අද උපදෙස් ලබා දි තිබේ.

Latest News