විදුලි කප්පාදුව අදත් වේලාවන් මෙන්න

පෙබ 13, 2025
    අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

     ඒ අනුව කාණ්ඩ 20කට අදාළව වේලාවන් 4ක් යටතේ ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

    පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්ර 03 ම අක්රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගැනුණා.
     
    ඒ අනුව පස්වරු 3.30ත් රාත්රී 9.30ත් දක්වා පැය 6ක කාලසීමාව තුල කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට කටයුතු කළා.
     
    ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මණ්ඩලය පියවර ගැනුණා.
    මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර අක්රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතිනවා.
     
    අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්ර සක්රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.
    67ad6db3908b6
    67ad6db3c2322
     
    67ad6db45508b

    Latest News