ඉන්දියාවේ ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට

මාර් 01, 2022

    ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා ඊයේ (28) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව දිගින් මීටර 70.5ක් හා 107ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වේ. ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් මොහාමඩ් ඉක්රාම් (Mohammed Ikram) කටයුතු කරනු ලබයි.

    එමෙන්ම, ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාවේ අණදෙන නිලධාරී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් අතර හමුවක් ඊයේ නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවැත්වුනි.

    එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) ද සහභාගී වී සිටියි.

    Latest News