ජනාධිපති කාර්ය සාධක බලකාගේ කාලය දීර්ඝ කෙරේ

මාර් 01, 2022

    එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස 03කින් දීර්ඝ කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (28) නිකුත් කර ඇත.

    පසුගිය ඔක්තෝබර් 26 දින පිහිටවූ එක රටක් - එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණ.

    Latest News