හොරණ පිරවුම්හලේ මංකොල්ලකරුවන් සොයා මෙහෙයුම්

මාර් 02, 2019

    හොරණ, කුලුපන ප්‍රදේශයේ ලංකා ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් ගිනිඅවි පෙන්වා පිරවුම්හලේ ඉන්ධන පොම්පකරුවන් හතර දෙනෙකු ළග තිබූ මුදල් මංකොල්ලකා පැනගොස් තිබේ.

    ඊයේ (02) රාත්‍රී 7.30ට පමණ මොවුන් දෙදෙනා හිස් ආවරණ පැළඳ සුදු පැහැති ලේන්සුවලින් මුඛ ප්‍රදේශ ආවරණය කර පැමිණ තිබේ.

    මොවුන් පානදුර දෙස සිට පැමිණ මුදල් රැගෙන හොරණ දෙසට ගමන් කර තිබේ. හොරණ පොලීසිය මගින් ආවේක්ෂණ කැමරා පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.

     

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 09:25

    Latest News