කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

මාර් 02, 2019

    කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (02) පස්වරු 09.00 සිට හෙට (03) පස්වරු 03.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    කොළඹ 13, 14 සහ 15 යන ප‍්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    කොළඹ කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවලට එම කාලසීමාව තුළදී අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

    මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් එම ජල කප්පාදුව සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 09:23

    Latest News