කවුද සූදුකාරයා...ක්‍රිකට් වැටුනේ තේරීමෙන් - ෂම්මී (විඩියෝ)

පෙබ 28, 2019
  • ශ්‍රී ලංකා කණ්ඩායම තේරිමේ දී පසුගිය වසර 02 ක තුළ පැහැදිලි නිර්නායක අනුගමන නොකළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ෂම්මී සිල්වා පවසයි.

    තරග පරාජයට මෙම කාලයේ තේරිම් ප්‍රධාන සාධකයක් වු බව ඔහු කියා සිටි. නිවැරදි තේරිම් තුළින් දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය ජය ගැනිමට හැකි වු බව ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ෂම්මී සිල්වා කියා සිටි. පසුගිය තරගාවලීන් පරාජය විමට තේරිමේ ඇති දුර්වලතාවන් බලපෑ බව රූපවාහිනියේ සෙන්ටර් ලයින් ප්‍රවෘත්ති විශේෂාංගයට එක්වේමින් ඔහු කියා සිටියේය. කණ්ඩායමට  ක්‍රිඩකයින් තේරීම ඔවුන් ලකුණු අතර සිටියදී කළ යුතු බව ෂම්මී සිල්වාගේ අදහසයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති -  ශම්මි සිල්වා

    සමහරු චෝදනා කරන විදිහට ක්‍රිකට් ආයෙමත් සූදුකාරයින්ගේ අතට ගියාද?

    ඒක අහන්න ඕන කියන කට්ටියගෙන්ම තමයි..මටත් තේරෙන්නෑ ඒගොල්ලෝ කාටද සූදුකාරයෝ කියන්නේ කියලා..මැච් එකක් ගහලා පැරදුනහම අම්පයස්ලා වැරදියි..අම්පයස්ලා හොරා..ඔහොම කියලා කියන්නෑනෙ කවුරුත්..

    පසුගිය ඡන්දයේ දී ඔබේ පාර්ශවයට චෝදනා එල්ල වෙනවා මුදල් දීල තමයි මේ ඡන්දය ගත්තේ කියලා ?

    ඇත්ත වශයෙන්ම අපි නම් එහෙම එකක් කළේ නැහැ..ඡන්දෙ දීපු ඔක්කොම ඡන්දෙ දුන්නේ අපි කරපු වැඩ හැටියටයි...ක්‍රිකට් ක්‍රීඩවට කරපු වැඩවලට තමයි..සල්ලි කතාව හැමදාම මේගොල්ලන් පැරදුනහම කියන කතාවක්..

    ක්‍රිකට් ආයතනයේ තනතුරුවලට එන්න මේ තරම් තරගයක් තියෙන්නේ ඇයි?

    ක්‍රිකට් කියන්නේ ලංකාවේ ආගමක් වගෙයි..ක්‍රිකට් ක්‍රීඩාකරපු අයට තමයි මේකට එන්න සුදුසුකම් තියෙන්නේ..ක්‍රිකට් ක්‍රීඩාවට රටේ පිළිගැනීමක් තියන නිසා, ක්‍රිකට් ගහපු නැති අයත් මේකට එන්න දඟලනවා..

    අයිසීසී එක ප්‍රකාශකළ බවට ඇමතිවරු දෙන්නෙක් පසුගිය දවස්වල චෝදනා කළා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂිතයි කියලා..අයිසීසී ඇන්ටිකරප්ෂන් එකෙන් පරීක්ෂණ පවත්වාගෙන යනවා..අයිසීසී එකෙන් කියලා තියනවා කිසිම ක්‍රීඩකයෙක් මේකට සම්බන්ධ නැහැ කියලා..පරණ ක්‍රීඩකයෝ තමයි මේක දාලා ගිහිල්ලා ඒගොල්ලන්ට කම්ප්ලේම් කළේ..

    මොකද සමහර ක්‍රීඩකයෝ ඉන්නවා අය වල්ඩ්කප් එකක් දිනන්න ඕන නැහැ..ඒගොල්ලනට විතරයි දිනන් ඕන කියලා හිතන..ඒගොල්ලන් තමයි මේක කරන්නේ..

    ක්‍රීඩකයින්ගේ විනය පිරිහීම සම්බන්ධයෙන් බොහෝ දෙනා කතාබහ කළා?

    අපි ඒගොල්ලන් එක්ක කතාබහ කළා..අපි මැනේජත් එක්කත් කතා කළා..ක්‍රීඩකයන්ගේ විනය යන්න ඕන අවුරුදු 15 ඉදලා..ඉස්කෝලවලත් එක්කම තමයි මේ විනය උඩට යන්න ඕන..අපිකතා කලා ජූනියර් සිලෙක්ටස්ලත් එක්ක..ස්කූල් ක්‍රිකට් එකත් එක්ක..ඒගොල්ලන් දන්නවා එතකොට විනය මොකද්ද කියලා..විනය කඩකරන ක්‍රීඩකයන්ට මගෙන්නන් කිසිම සමාවක් හම්බවෙන්නේ නැහැ..

    ලෝක කුසලාන තරගාවලියට තව කෙටි කාලයයි තියෙන්නේ..මොකද්ද ඒ තරගාවලියේ ඉදිරියට එන්න පුලුවන් සැලසුම ?

    අපි හරි විදිහට සිලෙක්ෂන් කලොත් මම හිතන්නේ අපිට චාන්ස් එකක් තියෙනවා වල්ඩ් කප් එක දිනන්න..පසුගිය මාස කිහිපයම ගත්තහම දිගින් දිගමට තරගාවලිවලින් අන්ත පරාජයන් ලැබුවා..පසුගිය දකුණු අප්‍රිකා තරගාවලියේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා...මේ සම්බන්ධයෙන් ඔබට තිබෙන අදහස මොකකද..

    ඉන්ජරිවලි අඩු කට්ටය තමයි සෙල්ලම් කළේ..හරි සිලෙක්ෂන් එක කරපු නිසා අපි මැච්එක දින්නා..ඒක තමයි මෙතෙන තියෙන වෙනස..අපේ අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත එක මිම්මකින් අපේ සිලෙක්ෂන් කළේ නැහැ..අපේ ඉන්නවා හුගාක් දක්ෂ ළමයි..ඒ ළමයිව හොඳවෙලාවෙ..ගහන වෙලාවෙ තේරුවොත් මීටත් වැඩිය හොඳ රිසාල්ට් ගන්න පුළුවන්..

    ඒ කියන්නේ අත්හදාබැලීමක්ද මේ සැරේ කරන්නේ ?

    නෑ..නෑ..මේක අත්හදා බැලීමක් නෙවෙයි..මම අසන්ත ඩිමෙල් මහත්මයටත් කතා කළා..ඒ මහත්මයා ඉන්නෙත් අපි ඉන්න මතේමයි..සිලෙක්ෂන්වල දී කිසිම බලපෑමක් කරන්නේ නැහැ..එතුමා මේක හරවලා ගනී කියලා ලොකු විශ්වාසයක් තියෙනවා..

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 13:04

    Latest News