දැරියකට අපයෝජනයක්; සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්තට ඇප - update

පෙබ 28, 2019

     අවුරුදු 16ක දැරියකට බරපතල ලිංග අපයෝජනයක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පලාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇප මත මුදාහැර තිබේ.

    2019.02.28 පෙ.ව 10.00 

    දැරියකට ලිංගික අපයෝජනයක්; සන්ධාන පළාත් මන්ත්‍රී ක්‍රිෂාන්ත අත්අඩංගුවට

    අවුරුදු 16ක දැරියකට බරපතල ලිංග අපයෝජනයක් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පලාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ෙමෙම දැරියට ලිංගික අපයෝජන කර ඇත්තේ පසුගිය 23 වැනිදා ගාල්ල - බටපොල ප්‍රදේශයේ දී බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සැකකාර පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඊයේ රාත්‍රියේ නීතීඥයෙකු මාර්ගයෙන් අක්මීමන පොලීසියට භාරවී ඇත.

    අද දින (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 14:47

    Latest News