එක්දින සහ 20-20 තරගවලට තේරීමේ තීරණය මාගේ නොවෙයි: චන්දි කලකට පසු

අගෝ 13, 2019

    දිමුත් කරුණාරත්නගේ නායකත්වය පිළිබඳව තමන් සතුටු වන බව, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. තරගය ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ සජිව ලෙස විකාශය කෙරේ.

    පුහුණුවීම්වල නිරතවීමෙන් අනතුරුව අදහස් දැක්වූ දිනේෂ් චන්දිමාල්....

    “ඉතාමත් හොඳට ඔහු ඔහුගේ නායකත්වය, ක්‍රීඩකයෙක් විධියට ඔහු කණ්ඩායම එකතු කරගෙන නායකත්වය කරගෙන යනවා. මම හිතන්නේ ගොඩක් සන්තෝෂයි දිමුත් ගැන. ඉතාමත් හොඳට ඔහුගේ රාජකාරිය සියලු දේවල්ම කරගෙන යනවා. මට සන්තෝෂයි මේ වගේ අවස්ථාවක් ලැබුණු එක කණ්ඩායමට ආපහු ඇවිල්ලා ක්‍රීඩා කරන්න. ඉතිං බලාපොරොත්තුවෙන් ඉන්නවා දිමුත්ටත් සහයෝගය දීලා ඉදිරියට තියෙන තරගාවලියට හොඳින් සෙල්ලම් කරන්න.

    ලසිත් මාලිංග ගැන ගොඩක් සන්තෝෂයි. අපි හැමෝම දන්නවා ලසිත් මාලිංග කියන්නේ මුළු ලෝකයේම ඉන්න ප්‍රබල පන්දු යවන්නෙක්. විශේෂයෙන්ම අපි දන්නවා 20-20 තරගවල තියෙන අත්දැකීම. ඒ පළපුරුදුතාවය මං හිතන්නේ ගොඩක් සන්තෝෂයි මට ඔහු එක්ක මට කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ලැබුණා. මම ඔහු යටතෙත් ක්‍රීඩා කළා. ඔහු මං යටතෙත් ක්‍රීඩා කළා. ඉතිං හුඟක් හොඳ අත්දැකීම් අපි ලබාගත්තා. මම ඔහුට සුබපතනවා. ඉදිරියේදී තියෙන තරගවලට සහ ඔහුගේ ඉදිරි අනාගතයට මම මේ අවස්ථාවේ දී සුබ පතනවා.

    මගේ පිතිකරණයේ යම් කිසි අඩුපාඩුකම් තිබුණා. මම ඒ දේවල් දැන් නිවැරදි කරගෙන අන්තිම මාස හතරේ හුඟක් හොඳට පුහුණුවීම් කටයුතුවල හිටියා. ඉතිං ඒක තේරීම් කමිටුවේ තීරණයක්. මම එක්දින සහ 20-20 තරගවලට ගෙන්නනවද කියන එක. මගේ තීරණයක් නොවෙයි. අවස්ථාවක් ලැබුණොත් ඉස්සරහදි ඉතාමත් හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා“ යැයි දිනේෂ් චන්දිමාල් පැවසීය.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 20:01

    Latest News