රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඊ.ටී.අයි.සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව නාරාහේන්පිට ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

 අවුරුදු 16ක දැරියකට බරපතල ලිංග අපයෝජනයක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පලාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇප මත මුදාහැර තිබේ.

Latest News