ප්‍රධාන විධායකගේ පත්වීම ගැන ශ්‍රි ලංකන් ගුවන් සේවයෙන් දැනුම්දීමක්

ජන 23, 2022

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය කරුණු සහ සංඛ්‍යා ඇතුළත් කරමින් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන වාර්තා ප්‍රතික්ෂේප කිරන බව ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ජාත්‍යන්තර ගුවන් සේවා කළමනාකරණ වෘත්තිකයෙකු වන Richard Nuttall මහතා 2021 නොවැම්බර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරියා ලෙස පත් කළ බව ශ්‍රී ලංකන් ගුවන්සේවය  දැනුම් දෙයි. ඒ මහතාගේ පත්වීම සිදු කරන ලද්දේ එවැනි ප්‍රධාන තනතුරු සඳහා ගුවන් සේවයේ සම්මත බඳවා ගැනීමේ පටිපාටියට අනුව සහ අවශ්‍ය අනුමැතීන් සහිතව බවයි එම නිවේදනය සඳහන් වන්නේ.

    ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර 2021 දෙසැම්බර් මස 31න් පසු පුරප්පාඩු වූ අතර එබැවින්, දැනට සිටින ජ්‍යෙෂ්ඨතම දෙවැනියා Richard Nuttall මහතා වූ බැවින්, තාවකාලික පදනමින් සහ ස්ථිර පත්වීමක් ලබා දෙන තුරු, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඒ මහතා පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    Richard Nuttall මහතා ප්‍රධාන වාණිජ නිලධාරිවරයා ලෙස ඔහුගේ රැකියා භූමිකාවට අමතරව, අන්තර් කාලසීමාව තුළ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරනු ඇත.

    Latest News