ජනපති රජයේ මුද්‍රණාලයේ නිරික්‍ෂණය

පෙබ 27, 2019

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (27) දහවල් රජයේ මුද්‍රණාලයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.

    රජයේ මුද්‍රණ කටයුතු සඳහා පුළුල් දායකත්වයක් ලබාදෙන මෙම ආයතනයේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා අඩු පාඩු ද විමසා බැලීය. මුද්‍රණාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය විසින් පිළිගත් අතර අනතුරුව ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත විය.

    මේ දිනවල මුද්‍රණය වෙමින් පවතින පොළොන්නරුව, ග‍්‍රන්ථයේ මුද්‍රණ කටයුතු ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරිණි.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 20:35

    Latest News