ශිෂ්‍යත්ව විභාගය අද

ජන 22, 2022

    2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී අද (22) පැවැත්වෙයි.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසන්නේ, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටින බවයි.

    රටතුල පවතින කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා තිබේ.

    කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් ස්ථාපනය කර ඇති අතර කොවිඩ් ආසාධිත දරුවන් තමාට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා තිබේ.

    නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනයකර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට හැකියාව පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

    Latest News