ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති අද මැදියමෙන් තහනම්

ජන 18, 2022

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

    2021 වර්ෂයට අදාළ 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදායි.

    ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීමද තහනම් වෙයි.

    විභාග කොමසාරිස් ජෙනරාල් ඒල්.ඒම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහරින ලෙස පවසා පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වන අතර එවැනි දැන්වීම් ළග තබාගැනීමද තහනම් බවයි.

    එම නියෝග‌ නොසලකා කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඒ සම්බන්ධයෙන් යම් පැමිණිලි ඇත්නම් ළගම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකියි.

    Ex 01

    Ex 02

    Latest News