මෙරට පුහුණු ශ්‍රමිකයන්ට ලිබියාවේ රැකියා

ජන 11, 2022

    ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සදහා ලිබියාවේ රැකියා අවස්ථාවන් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලය සඳහන් කරනවා.

    ඒ, මේ වන විට ලිබියානු ආර්ථිකය ඉහළ ස්ථාවරතාවයකට පත්වී තිබීමත් රටතුළ දේශපාලන ස්ථාවරත්වයත් ඇතිවී තිබෙන පසුබිමක් තුළයි.

    ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් (Esam Dryag) මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය අද කාර්යාංශයේදි (2022.01.11) මුණ ගැසුණා.

    මෙහි දී මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ ඉතා කඩිනමින් අවශ්‍ය සාකච්ඦා පවත්වා මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ආකාරයට යොදාගැනීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ලිබියාවේ රැකියා සදහා යොමු කිරිමට අවස්ථාව ලබා දිම සම්බන්ධයෙන් එසාම් ඩ්‍රයාග් මහතාට මහින්ද හතුරුසිංහ මහතා සිය ස්තූතිය ප්‍රකාශ කළා.

    _40A9267.jpg

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙනිය යන මහත්වරුන් ඇතුළු උසස් නිධාරීන් එක්වි සිටියා.

    Latest News