ලිබියාවට අවි සැපයීමට නතරකිරීමට ලෝක නායකයින් ප්‍රතිඥා

ජන 20, 2020

    ලිබියාවට අවි සැපයීමට කටයුතු නොකිරීමට ලෝක නායකයින් ප්‍රතිඥා ලබාදී තිබේ. ලිබියානු සිවිල් යුද්ධයට මැදිහත් නොවීමට ද ලෝක නායකයින් තීරණය කර ඇත්තේ, බර්ලින්හි පැවති විශේෂ සමුළුවේදී.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ප්‍රකාශ කර ඇත්තේ, ලිබියාවේ සාමකාමීත්වය උදෙසා ලෝක බලවතුන් පූර්ණ වශයෙන් කැපවී සිටීමට අපේක්ෂා කරන බවයි. ජර්මනියේ බර්ලින්හි පැවති මෙම සමුළුවට ලිබියානු බල අරගලයේ ප්‍රධාන කණ්ඩායම් දෙක ද එක්ව සිටින බව වාර්තා වෙයි. ට්‍රිපෝලි අගනුරව කේන්ද්‍ර කොටගත් ජගත් සංවිධානයේ සහාය ලබන ජාතික ගිවිසුම රජය සහ ප්‍රබල හමුදා නායකයෙකු වන බලීෆා හෆ්තාර්ගේ කණ්ඩායම් අතර මාස 9ක් පුරා අඛණ්ඩාව පවතින ගැටුම් මූලික කර ගනිමින් මෙම සාකච්ජා ආරම්භ විය.

    ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තුර්කි ජනාධිපති රෙසප් තායිප් එර්ඩොගාන්, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇතුළු තවත් ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් සමුළුවට සහභාගී විය. ලිබියාව තුළ පැවති ගැටුම් හේතුවෙන් විශාල ජීවිත සහ දේපළ හානි සිදුව තිබේ. එවැනි තත්වයක ලෝක නායකයින් ලිබියානු ගැටුම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අතිශය වැදගත් බවයි, විචාරකයින් පවසන්නේ.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 09:45

    Latest News