මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ නඩුවක සාක්ෂි කල් යයි

ජන 10, 2022

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය සඳහා මේ මස 19 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ නියම කළා.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් ඔවුන් චෝදනා ගොනු කර තිබෙනවා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවා.

    මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.

    අනතුරුව නඩු විභාගය ලබන 19 වනදා තෙක් කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදින සුමිත් ජයන්ත කුමාර නැමැති සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්දදායකයන් පෙළඹවීමේ අරමුණින් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඉකුත් යහපාලන රජය සමයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News