ජනවාරි 3 සිට සියලු රාජ්‍ය සේවකයන් සේවයට

දෙසැ 31, 2021

    එළ⁣ඹෙන සඳුදා (3) සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

    ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතගේ අත්සනින් යුතුව නිකුත් කෙරේ. කොවිඩ් වසංගතය හේතුවෙන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට මීට පෙර අවස්ථාව දී තිබූ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසුවේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස ද සියලු කාර්ය මණ්ඩල වෙත රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

    Latest News